අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සිර කුටියේ මිනිස්කමයි - තැවුණු හදට පිළිසරණයි" පොලොන්නරුවට සහන සලසයි

    සැප්තැම්බර් 11, 2014

    "සිර කුටියේ මිනිස්කමයි - තැවුණු හදට පිළිසරණයි" යන්න තේමා කර ගනිමින් බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළක් අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවිඳින මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලගස් හන්දිය සහ වඩිගවැව යන ගම්මානවල ජනතාව වෙත රුපියල් ලක්ෂ 20කට වඩා වැඩි වටිනාකමින් යුතු වියළි ආහාර ද්‍රව්‍ය හා පානීය ජල බෝතල් ප්‍රදානය කිරීම ඊයේ (10) එම ගම්මානවලදී සිදු කෙරිණි.


    රැඳවියන්ගේ එක් ආහාර වේලක් පරිත්‍යාග කිරීමෙන් මේ සඳහා අරමුදල් සපයා ගෙන ඇත. 

     

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රසිරි පල්ලේගම මහතාගේ මෙහෙයවීමෙන් පැවති මේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ලක්ෂ්මන් අබේගුණවර්ධන, බන්ධනාගාර අධිකාරී (පොලොන්නරුව) පී.එච්.එම්.කේ.එම්. අබේරත්න, සහකාර බන්ධනාගාර අධිකාරී එම්.එෆ්. ලාහීර් (වැලිකඩ), බන්ධනාගාර අධිකාරී එන්. කළුආරච්චි (කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය) යන මහත්වරු ඇතුළු බන්ධනාගාර නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya