මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් අද නුවරඑළියේ දී

    සැප්තැම්බර් 11, 2014

    මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත නුවරඑළිය දිස්ත්‍රික් රැකියා හා සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කෙරුණු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් අද (11) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 


    රැකියා විරහිත තරුණ තරුණියන් වෙත පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා උදා කරලීම මෙහි මූලික අරමුණ විය. වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් 100කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. 

     

    ඔවුන් සියලු දෙනාම පාහේ උසස් පෙළ සමත් වූවෝ වෙති. එමෙන් ම ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් ආදීය සලකා බැලීමෙන් පසුව විවිධ ක්ෂේත්‍ර යටතේ, විවිධ වැටුප් පරිමාණයන් මත අදාළ රැකියා අවස්ථා ලබා දීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා 60%ක් පමණ දෙමළ තරුණ තරුණියන් සහභාගී වී සිටීම විශේෂිතයි. වතු ප්‍රජාව අශ්‍රිතව ජීවත්වන තරුණ තරුණියන්ගේ වෘත්තීය අවස්ථා පුළුල් කිරීම මෙහි තවත් එක් අරමුණකි.

     

    මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් රැකියා හා සේවා මධ්‍යස්ථානයෙන් 2014 වර්ෂය තුළ පමණක් 50කට ආසන්න තරුණ තරුණියන් පිරිසකට පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සපයා දී තිබේ. 

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත, අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ මෙහෙයවීමෙන් මෙවැනි වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන් රැසක් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මකය. මේ අවස්ථාව සඳහා පෞද්ගලික අංශයේ වෘත්තිය සංවර්ධන නිලධාරීහු කිහිප දෙනෙක් ද සහභාගී වී සිටිය හ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya