රාජ්‍ය අංශයේ ඵලදායිතා තරගයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගලිගමුව ප්‍රාදේශීය සභාව හා රඹුක්කන ප්‍රාදේශීය සභාව දෙවන ස්ථානය දිනා ගත් අතර, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව තෙවන ස්ථානය දිනා ගත්තේය.
පාසල් අංශයේ තරගයෙන් කෑ/රංවල මහානාග මහා විද්‍යාලය හා වරකාපොළ අල්ගම කනිෂ්ඨ විද්‍යාලය තෙවන ස්ථානය දිනා ගත්තේය. මෙයට අමතරව සමස්ත දිස්ත්‍රික්කයේ විශේෂ කුසලතා හා කුසලතා සම්මාන 27ක් දිනා ගැනීමට හැකි වූ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවයේ හා පාසල් අංශයේ වර්ධනීය ගුණාත්මක ඵලදායීතාවක් ඒ තුළින් ප්‍රකට වන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පැවසීය.
කාර්යක්ෂම වැඩ පරිසරයක් සඳහාත් ඵලදායි ගුණාත්මක සේවයක් උදෙසාත් ඵලදායිතා සංකල්ප ඔස්සේ සෑම ආයතනයක් ම කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ECB