ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.
මෙහිදී ක්‍රීඩා පෝෂණය, ආකල්ප වර්ධනය, ක්‍රීඩාව සඳහා මතක ශක්තිය දායක කර ගැනීම, පුහුණු වැඩසටහන් සම්පාදනය, පුහුණු ක්‍රම, තහනම් ක්‍රීඩා උත්තේජක, දිග දුර ව්‍යායාම සහ ක්‍රීඩාව සඳහා මාංශපේෂී සකස් කර ගැනීම, ක්‍රීඩා පිටි සකස් කර ගැනීම යන මාතෘකා ඔස්සේ දේශන පැවැත්වේ.
මේ සඳහා වෛද්‍යවරු, ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වීමට නියමිත වේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිතයා ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා සහභාගී වන අතර, පුහුණුව සඳහා 100දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්ධීකාරක කේ.එම්.එච්. බණ්ඩාර මහතා පවසයි.
ECB/LT_dmu_Kegalle