කිසිවෙකුත් අත් නොහරිමු ("No One Left Behind") යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ශිෂ්‍යයන්ට කාර්යක්ෂම වෘත්තීය සැලසුම්කරණයක් සඳහා විවිධ මාවත් හා අවස්ථා සපයා දෙන අනගි අවස්ථාවකි. මේ මඟින් උසස් අධ්‍යාපන සුදුසුකම් සොයා යන ශිෂ්‍යයන් හා අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍යයන් හා පෞද්ගලික අධ්‍යාපනික සේවා අතර සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව සලසා දෙයි. දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික සේවා අංශයේ ඉහළ ප්‍රමිතියක් නිර්මාණය කර ඇත.
නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය (NJOBA) මඟින් සංවිධානය කරන ලද මේ ප්‍රදර්ශනයට ආදී නාලන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගුරුභවතුන් හා පාසල් සිසුන් සහභාගීවීමට නියමිතය.
NDH