අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, මේ වසරේ ඔක්තෝබර් මස කොළඔ දී පැවැත්වීමට නියමිත, ගෝලීය රබර් සමුළුව (Global Rubber Conference - GRC) පිළිබඳ තොරතුරු ක්ෂේත්රයේ නිරතවන්නන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.
මෙම උත්සවය පසුගියදා කොළඔ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මලයාසියාවේ ජාත්‍යන්තර උත්සව සංවිධාන ආයතනයක් වන කොන්ටෙක්ස් හබ් ආයතනය සමඟ එක්ව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, "මෙම සමුළුව, රබර් කර්මාන්තයේ නිරත වූවන්ට පැහැර හැරිය නොහැකි අවස්ථාවක්. ගෝලීය රබර් සැපයුමෙන් 3%ක දායකත්වය ස්වාභාවික රබර් හරහා සැපිරෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු පිරිසක් මෙම කර්මාන්තයේ නිරත වන බැවින් රබර් කර්මාන්තය අප රටටත් ඉතා වැදගත් ක්ෂේත්රයක්".
"එළැඹෙන දශකය තුළ මෙම කර්මාන්තය මගින් ඇ.ඩො. බිලියන 3ක් ඉපැයිය හැකි කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරිමට ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වත්මන් රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබෙනවා. මෙම වෑයම මල්ඵල ගැන්වීමට නම් අපගේ රබර් වගාකරුවන් හා ක්ෂේත්රයේ නිරත වූවන්ට අපි සහන සැලසිය යුතුයි. ලංකාවේ ඇති සමස්ත රබර් වගාවන්ගෙන් 65%කම අයිතිය ඇත්තේ සුළු රබර් වතු හිමියන්ටයි. ශ්‍රී ලංකාව ඓතිහාසිකව ලබා ඇති ස්වාභාවික රබර් පිළිබඳව කීර්තියට අමතරව, මෙම ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමට සමාජ ආර්ථික හේතූන් ද බලපා තිබෙනවා.
එබැවින් රබර් කර්මාන්තයේ ඇති ගැටලු නිරාකරණය කිරීමත් සඳහා මෙම ක්ෂේත්රය වෙනුවෙන් වන දිගු කාලීන සැලැස්මක් අවශ්‍ය බව මාගේ විශ්වාසයයි".
රබර් සඳහා නැවත වගාකිරීමේ ආධාර සැපයීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම අවශ්‍යයි. ජාත්‍යන්තර රබර් මිල ඉහළ මට්ටමක පවතින අවස්ථාවලදී තාවකාලික සෙස් බද්දක් පැනවීම මගින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන උපයා ගත හැකියි. ශ්‍රී ලංකාව 2013 වසරේදී රබර් අපනයනය මගින් ඇ.ඩො. මිලියන 72ක විදේශ විනිමයක් උපයා තිබෙනවා. ඊට අමතරව, රබර් නිමි භාණ්ඩ අපනයනයෙන් තවත් ඇ.ඩො.887 ක් ද උපයා තිබෙනවා. 2013 වසරේ අපේ රබර් කර්මාන්ත ක්ෂේත්රයෙන් ඉපැයූ ආදායම හා ඊට පස් වසරකට පෙර, එනම් 2009 දී උපයන ලද අපනයන අදායම හා සැසඳීමේදී එය 100%ක වර්ධනයක්.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් රබර් ක්ෂේත්රයේ ප්‍රවර්ධනය සඳහා ඇ.ඩො. 46,000ක් වැය කර වැඩසටහන් 2ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. මෙම වැඩසටහන් දෙක යටතේ රබර් කර්මාන්තය සඳහා මෙතෙක් නොතිබූ දත්ත ජාලයක් (Data Base) ස්ථාපිත කිරීමට කටයුතු කොට ඇති අතර ජාතික රබර් පර්යේෂණ සංගණනයක් ද දියත් කොට ඇත. මෙම සංගණනය මේ වන විට සබරගමුව හා බස්නාහිර පළාත්වල අවසන් කොට ඇත. එම සංගණනයට අනුව, මෙම පළාත් දෙක තුළ රබර් කර්මාන්ත 203කි. බස්නාහිර පළාතේ කාර්යක්ෂමව රබර් කර්මාන්ත රැකියාවල නිරතවූවන්නේ සංඛ්‍යාව 10,000කට අධිකය. 815 දෙනෙක් මේ සඳහා අලුතින් එක්වී ඇති අතර එමෙන් ම ස්වාභාවික රබර් නිෂ්පාදන ක්ෂේත්රය හා රබර් භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්රය සම්බන්ධයෙන් පුහුණු පහසුකම් සැපයීය යුතු බවද හඳුනාගෙන ඇත.
කොළඹ දී පැවැත්වීමට නියමිත ගෝලීය රබර් සමුළුව හරහා මෙම ප්‍රශ්නයන්ට නිසි විසඳුම් සොයා ගැනීමටත්, රබර් කර්මාන්ත අංශයේ ප්රගමනය සඳහා ගතයුතු පියවරයන් සාකච්ඡා කිරීමටත් අවස්ථාව උදා වනු ඇත. ක්ෂේත්රයේ නිරත වන ශ්‍රී ලාංකික වගාකරුවන් හා කර්මාන්තකරුවන් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇත.
DB