නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණාභරණ සහ මැණික් වෙළඳ සංකීර්ණය විවෘත වේ

    සැප්තැම්බර් 06, 2014
    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වර්ණාභරණ සහ මැණික් වෙළෙඳ සංකීර්ණය ඊයේ (05) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. 
     
    ස්වර්ණාභාරණ සහ මැණික් වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි. 
     
    පළමු අදියර යටතේ පළමු මහල සහ පළමු මැදි මහල මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් නවීකරණය කර ඇත. මෙහි ස්වර්ණභරණ සහ මැණික් වෙළෙඳ සැල් 83කි. 
     
    බිම් මහලේ කඩ කාමර 48ක් සහ බැංකු 02කින් ද, බිම් මැදි මහල කඩ කාමර 35ක් සහ ආපන ශාලාවකින් ද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයකින් ද සමන්විත වේ. 
     
    මේ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 450කි. නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 04 වන ඉංජිනේරු සේවා බලකාය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූහ. 
     
    DB
     
    132
     
     
    17

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya