2006 වර්ෂයේ සිට ඌව පළාතේ කෘෂි සංවර්ධන කටයුතු වර්ධනය කිරීම සඳහා රජය සහ පෞද්ගලික අංශ දායකත්වය ලබාදුනි. ඒ අනුව මේ වන විට ඌව පළාතේ ස්වාභාවික මී පැණි අලෙවි ප‍්‍රවර්ධනය සියයට 425කින් පමණ ඉහළ ඉහළ නැංවීමට හැකි විය. ශ්‍රී ලංකාව විසින් වර්තමාන දේශීය මී පැණි අවශ්‍යතාවන් සඳහා වාර්ෂිකව ටොන් 50ත් 60ත් අතර ප‍්‍රමාණයක් ආනයනය කරනු ලබයි. මෙම මී පැණි ව්‍යාපෘතියේ අරමුණ වනුයේ එම අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණ දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීමයි.
එසේම අළු පුහුල්, තක්කාලි, වැල් දොඩම්, පිපිඤ්ඤා ආදී දේශීය පලතුරු හා එළවළු පලදාව වර්ධනය කිරීම ද මේ යටතේ සිදු වේ. වර්තමානය වන විට මෙම ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 12ක පමණ ක‍්‍රියාත්මක වන අතර මේ සඳහා මූල්‍යාධාර පහසුකම් සපයන්නේ කෘෂිකර්ම සංවර්ධන ජාත්‍යන්තර අරමුදලයි [IFAD]. මෙම ව්‍යාපෘතිය මේ වන විට යාපනය, කිලිනොච්චිය, බදුල්ල ආදී වූ දිස්ත‍්‍රික්කවල සාර්ථක ව ක‍්‍රියාත්මක වේ.
මෙමගින් අදාළ ප‍්‍රදේශවල තෝරාගත් ගොවින් 500කට අධික පිරිසකට සෙත සැලසෙන අතර ඔවුන්ගේ කෘෂි ව්‍යාපාරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වන සුළු වාරිමාර්ග, කෘෂි ළිං හා කෘෂි උපකරණ ආදිය මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ද ලබාදෙනු ඇත.
ආර්ථික සංවර්ධන ආමත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක දිවි නැගුම වැඩසටහන යටතේ ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වේ. එසේ ම මෙම ප‍්‍රජා මූල වැඩසටහන මගින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිටින ගොවියන් හට විශාල වශයෙන් ආදායම් උත්පාදනය කිරීමටද හැකි වෙනු ඇත.
මෙම රාජ්‍ය හා පෞද්ගලික අංශය විසින් ප‍්‍රජාව සඳහා සිදු කරන සත්කාරය වෙනුවෙන් ඇති කළ අවබෝධතා ගිවිසුම රජය වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ කාගිල්ස් සිලෝන් ලිමිටඩ් හා සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයේ නිලධාරීන් විසින් අත්සන් තබන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, එස්.එම්. චන්ද්‍රසේන, සුසන්ත පුංචිනිලමේ සහ රජයේ සහ පුද්ගලික අංශ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
DB