වයඹ පළාත් සභාවට අයත් කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල නාට්‍යකරණයේ නියැළෙන කලා ශිල්පීන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනයට අතහිත දීමත්, එමගින් පළාත් වැසියන්ගේ නාට්‍ය රසිකත්වය වැඩිදියුණු කර ගැනීමට දිරි දීමත් පෙරදැරි කර ගෙන වයඹ ප්‍රධාන අමාත්‍යාංශයේ සංස්කෘතික අංශය මගින් මෙය සංවිධානය කෙරේ.
වයඹ පළාත් රාජ්‍ය නාට්‍ය තරගාවලිය සඳහා දිගු නාට්‍ය 12ක්, ළමා නාට්‍ය 23ක් සහ කෙටි නාට්‍ය 29ක් ඉදිරිපත් කිරීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අතරින් නාට්‍ය 26ක් නිෂ්පාදනය සඳහා කොළඹ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය විසින් තෝරාගනු ලැබ ඇති බව වයඹ පළාත් සභාව පවසයි.
ECB