බංගලාදේශයේ විතගොං විහාරස්ථානයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සම්බුද්ධ කේශ ධාතූන් වහන්සේලාට පූජෝපහාර දැක්වීම හා මහජන ප්‍රදර්ශනය ලබන 08 වැනි දින පෙ.ව. 8.30 සිට 09 වන දින පස්වරු 3.00 දක්වා දිවා රාත්‍රී අඛණ්ඩව මාවනැල්ල, දෙහිමඩු ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරස්ථානයේදී සිදු කෙරේ.
බංගලාදේශයේ චිතගොං විහාරස්ථානයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සම්බුද්ධ කේතු ධාතූන් වහන්සේලා ගේ ප්‍රධාන භාරකාරත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් උසුලනු ලැබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය වරාගොඩ ප්‍රේමරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි රංජිත් සියඹලාපිටිය මිත්‍රත්ව සංගමය මෙම පූජනීය පිංකම සංවිධානය කරනු ලබයි.
ECB/LT/DP_dmu_Kegalle