නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව ජනතාවට පානීය ජල ලීටර් 586,500ක් බෙදා දෙනවා

    සැප්තැම්බර් 04, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සැපිරීම සඳහා දිනකට ජල ලීටර් 586,500ක් බෙදා හැරෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.


    මේ වන විට දිඹුලාගල, මැදිරිගිරිය හා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පාසල් 23කට ද පානීය ජලය සැපයෙන බව ඔහු සඳහන් කළේය. ඒ අනුව අදාළ ප්‍රදේශය තුළ ලීටර් 1000 ජල ටැංකි 867ක්, ලීටර් 500 ජල ටැංකි 684ක්, ලීටර් 2000 ජල ටැංකි 07ක් හා ලීටර් 5000 ජල ටැංකි 3ක් ස්ථානගත කොට එම ජල ටැංකි වෙත අඛණ්ඩව ජලය සැපයෙන බව ද ඔහු අවධාරණය කළේය.

     

    අද (04) වන විට දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 195ක පවුල් 63,052කට අයත් පුද්ගලයන් 211,992 දෙදෙනෙකු නියඟය නිසා පීඩාවට පත් ව සිටිති. මින් ග්‍රාම සේවා වසම් 156ක පවුල් 39,836කට අයත් පුද්ගලයන් 144,654 දෙනෙකු වෙත පානී ජලය සැපයිය යුතු තත්ත්වයක් පවතින නිසා ඔවුන් සඳහා ජල බවුසර් 46ක් යොදවා ගෙන දිනට අවශ්‍ය ජලය බෙදා හැරීමට රජය කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya