බස් ධාවනයේදී මාර්ග නීති හා අදාළ නිර්දේශයන්ට පටහැනිව කටයුතු කරන බස් රියදුරන් හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.
ඒ අනුව බස් ධාවනයේදී බොහෝ අවස්ථාවල සිදුවන වැරදි ක්‍රියා සඳහා දඩමුදල් නිර්දේශ කිරීම මෙතෙක් පැවති පියවර වුවත් මින් පසු නඩු පැවරීමට කටයුතු කෙරේ.
මෙම නව වැඩපිළිවෙළේ අරමුණ වන්නේ රියැදුරන් හා කොන්දොස්තරවරුන් අතින් සිදුවන වැරදි අවම කරලීම වන අතර ඊට අදාළ චක්‍රලේඛ මේ වනවිට සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.
NDH