දිවයින පුරා පිහිටා ඇති බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු සිදු කොට ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කොට ඇත. පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ අදහසකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩපිළිවෙළ හරහා මගී ජනතාවට පහසුකම් සැපයෙන පරිදි බස් නැවතුම්පොළ සංවර්ධනය කෙරේ. DB