උද්ධමනය 3.6%ක් ලෙස සටහන් වූ පසුගිය ජූලි මාසයට සාපේක්ෂව විශේෂයෙන් එළවළු මිල ගණන් පහළ යාම හේතුවෙන් මෙම මාසයේදී 3.5%ක් ලෙස පහළ ගොස් ඇත.
ඒ අනුව 2014 අගෝස්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ 0.5%ක් වූ මාසික පහළ යාම සඳහා ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ගවල මිල ගණන් පහළ යාම ප්‍රධාන දායකත්වයක් සැපයීය.
ආහාර කාණ්ඩය තුළ, සියලුම වර්ගවල පාහේ එළවළු, අමුමිරිස්, අර්තාපල්, රතුළූණු සහ සමහර මත්ස්‍ය වර්ගවල සාමාන්‍ය මිල ගණන් ඍතුමය සාධක හේතුවෙන් පූර්ව මාසයට සාපේක්ෂව පහළ ගියේය. මේ අතර සහල්, පලතුරු සහ බිත්තර මිල ගණන් මෙම මාසය තුළ ඉහළ ගියේය.
SDF