ජනසෙවණ නගමු පුරවර මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වසර 38කට පසු රුපියල් ලක්ෂ 220කට අධික වියදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද දෙමටගොඩ සාංචි ආරච්චිවත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මාසයේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
නිවාස 24කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ප්‍රතිසංස්කරණයට ලක්වුයේ ප්‍රථම වරටය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම මත සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය
විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.
DB