නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බියගමට නව තේ කම්හලක්

    අගෝස්තු 29, 2014
    බියගම ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද ග්ලෝබල් හෙල්ත් ලංකා පුද්ගලික සමාගමේ නව තේ කම්හල ඊයේ (28) ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.


    ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපෘතියක් වන මෙම නව තේ සැකසුම් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 06කි. තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා සපයමින් නව තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත මෙම කර්මාන්ත ශාලාව හොංකොං සිට ක‍්‍රියාත්මක වන එස්.පී. ග්රෝව්ත් මව් සමාගමට අයත් වේ.


    මෙම නව තේ සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහත්වරුන් සහ එස්.පී. ග්රෝව්ත් සමාගමේ සභාපතිතුමා ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya