නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර මධ්‍යයේ ලංකා කම්කරු කොංග්‍රසය මගින් ඊයේ (27) පැවැත් වූ උත්සවයක දීය.පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උළෙලට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා ද සහභාගී විය.මෙහි දී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, “ලංකා කම්කරු කොංග්‍රසය මගින් පැවැත්වු උත්සව 04කට පමණ මා අද වන විට සහභාගි වී තිබෙනවා. හැමදාමත් මා මේ රැස්වීම් සඳහා පැමිණි විට දකින මුල් ම දෙය තමයි, හැමදාමත් ලංකා කම්කරු කොංග්‍රසය සමඟ එක්ව සිටින විශාල ජනකාය. මා පැමිණෙන සෑම දවසක ම දිනෙන් දින වැඩිවන ජනකායක් මට පේනවා. එතැනින්ම තේරුම් ගන්න පුළුවන් ලංකා කම්කරු කොංග්‍රසය මගින් මේ වතු ජනතාවට කරලා තියෙන විශාල මෙහෙය ගැන.
අද වනවිට වතුකරයේ ජනතාව සෑම අංශයකින් ම විශාල දියුණුවක් ලබා සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා සාමාජීය අර්ථීක වශයෙන් අතීතයට වඩා විශාල දියුණුවක් ලබා සිටිනවා. ලංකා කම්කරු කොංග්‍රසය මගින් විශාල මෙහෙවරක් මේ සඳහා කර ඇති බව ඉතාමත් පැහැදිලියි. ඒ නිසා ඔබලා ගේ වටිනා ඡන්දය වැඩක් කළ හැකි වැඩක් කරනා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ලංකා කම්කරු කොංග්‍රසයටත් ලබා දෙන්න.”
මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති ආර්ථීක සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් හා මධ්‍යම පළාත් මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් ද ලංකා කම්කරු කොංග්‍රස් නිලධාරින් ද ප්‍රදේශවාසී ජනතාවද සහභාගි වූහ.
ECB