පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය; පෙර පාසල් සංවර්ධනය කිරීම සඳහා නිකවැරටිය ආසනයේ පෙර පාසල් 110කට රුපියල් ලක්ෂ 60ක ප්‍රතිපාදන බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. උත්සවය නිකවැරටිය නිව් නන්දා සිනමා ශාලාවේදි පසුගියදා පැවැත්විණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, රට තුළ වේගවත් සංවර්ධනයක් සිදු වෙනවා. නමුත් විපක්ෂය ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ගුණමකුවෝ වගේ තමයි කටයුතු කරන්නේ. වර්තමානයේ පෙරපාසල් මුහුණ දී ඇති ගැටලු අපි හඳුනාගෙන තිබෙනවා. එම ගැටලුවලට විසඳුමක් ලෙස පෙරපාසල් ගුරුවරුන්ගේ සුභසාධනය නංවාලීමට කටයුතු කරනවා. එම වැඩපිළිවෙළ නිකවැරටිය ආසනයෙන්ම ආරම්භ කිරීමට මම සූදානම්.
මෙහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා එක්ව එම ප්‍රතිපාදන පෙර පාසල් සඳහා බෙදා දෙන ලදී. මෙම අවස්ථාවට නිකවැරටිය සහ කොබෙයිගනේ ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රිවරුන්ද, පෙර පාසල් දරුවන් සහ ගුරුවරු විශාල සංඛ්‍යාවක්ද එක්ව සිටියහ.
ECB/LT_dmu_Kegalle