ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහයවීම මත ක්‍රියාත්මක කරන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියානු රජය ආධාර ලබාදී තිබේ. මේ යටතේ ක්‍රීඩාංගණයේ ප්‍රධාන ක්‍රීඩාගාරය ඇතුළු ක්රීඩාගාර ප්‍රතිසංස්කරණය කිරීම, මීටර් 400 ධාවන පථය ඉදිකිරීම, කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ඇතුළුව අවශ්‍ය සියලු අංගයන් ඇති කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, යාපනය නගරාධිපතිනි යෝගේෂ්වරි පත්ගුණරාසා යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
DB