මෙම රෝහල් සංකීර්ණය සඳහා 2011.07.20 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මුල්ගල් තැබීය. මෙම රෝහල ඒ 32 මාර්ගයේ පිහිටා ඇත.
පූනරින් ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වසම් 10ක පවුල් 2693ක් සඳහා මෙම රෝහල ඉදිකිරීමත් සමඟ සෙත සැලසෙනු ඇත.
ලෝක ඒඩ්ස් මර්දන අරමුදල, ක්ෂය රෝගය හා මැලේරියා මර්දන අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසකින් මෙම රෝහල් සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදී ඇත.
සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
DB