ප්‍රතිසංස්කරණය කරන මෙම ගොඩනැගිල්ලේ පළමු මහල වාණිජ අවකාශ 8කින් හා පළමු මහලේ වාණිජ අවකාශ 10කින් සමන්විත වේ.
මෙම සුපිරි සාප්පු සංකීර්ණය තුළ ස්වර්ණාභරණ, රෙදිපිළි, සුපිරි ආපන ශාලා ආදියෙන් සමන්විත වන අතර එමගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ස්ථානයක් බවට පත්කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති කළමනාකරණ සැලසුම් හා උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකාය මගින් මෙම ගොඩනැගිල්ල පෞරාණික සහ ගෘහ නිර්මාණ අංගයන් සංරක්ෂණය වන සේ ප්‍රතිනිර්මාණය කොට ඇත.
මෙම අවස්ථාවට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB