මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසරේ මුල් කාර්තුවේ දී දිවි නැගුමට මිලියන 426ක්

    අගෝස්තු 18, 2014
    ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීම, පෝෂණ මට්ටම ඉහළ දැමීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ගෘහ ආර්ථිකය බලගැන්වීම අරමුණු කර ගනිමින් දිවි නැගුම ගෘහ ආර්ථික ඒකක මිලියනයක් ස්ථාපනය කිරීමේ වැඩසටහන සඳහා 2013 වර්ෂයේ මුල් මාස හතර තුළ රුපියල් මිලියන 426 ක් වැය කොට ඇත.
     
    මෙම වැඩසටහන යටතේ ගෘහ කර්මාන්ත, ස්වයං රැකියා සඳහා ප‍්‍රවේශයන්, ධීවර සහ පශු සම්පත් සංවර්ධන මෙන්ම කුඩා ප‍්‍රමාණයේ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් ප‍්‍රධාන වශයෙන් අවධානයට ලක් කර ඇත. 
     
    ජාතික ආර්ථිකයේ ප‍්‍රධාන කොටස්කරුවන් ලෙස ග‍්‍රාමීය ප‍්‍රජාව සම්බන්ධ කර ගත හැකිවන පරිදි රජයේ මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් සහ ගම කේන්ද්‍ර කරගත් ක‍්‍රියාකාරකම් අතර කාර්යක්ෂම බැඳීමක් ඇති කිරීම තුළින් ග‍්‍රාමීය ආර්ථිකය බලගැන්වීම සඳහා වූ ප‍්‍රධාන ප‍්‍රවේශයක් වන ගමනැගුම වැඩසටහන 2013 වර්ෂයේදී ද එක් ගමකට එක් ව්‍යාපෘතියක් යන නව සංකල්පය සමග ක‍්‍රියාත්මක විය. 
     
    ඒ අනුව වටිනාකම රුපියල් මිලියනයක් වන එක් ව්‍යාපෘතිය බැගින් සෑම ගමකම ක‍්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතිය පාරවල් සංවර්ධනය සහ කුඩා වාරිමාර්ග හා පානීය ජල පහසුකම් ඇති කිරීම පදනම් කරගෙන අඛණ්ඩව ක‍්‍රියාත්මක වු අතර 2013 මුල් මාස හතර තුළ රුපියල් මිලියන 1,896 ක් වැය කොට ඇත.
     
    මීට අමතරව පළාත් මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5,024 ක් වැය කර ඇත. එසේම මග නැගුම සහ ගම නැගුම යටතේ ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 2,749 ක් සහ රුපියල් මිලියන 1,896 ක් වැය කර ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya