මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර සංවර්ධනයට රුපියල් මිලියන 2284ක්

    අගෝස්තු 14, 2014

    මාතර දිස්ත්‍රික්කයේ 2014 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් රුපියල් මිලියන 2284ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.

     

    මේ වන විට අනුමත කරන ලද වැඩ යෝජනා 2674ක් සඳහා රුපියල් මිලියන 1914.48ක් අනුමත කර ඇත.

    පළාත් නැගුම සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 965.85ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර මේ වන විට එහි අනුමත වැඩ යෝජනා 623ක් සඳහා රුපියල් මිලියන 869.42ක් අනුමත කර තිබේ.

     

    එක් ගමකට එක් වැඩක් සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 650ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර මේ වන විට අනුමත වැඩ යෝජනා 948ක් සඳහා රුපියල් මිලියන 612.9ක් අනුමත කර තිබේ.

    ගම නැගුම සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 314ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර මේ වන විට අනුමත වැඩ යෝජනා 472ක් සඳහා රුපියල් මිලියන 248.885ක් අනුමත කර තිබේ.

    මහජන නියෝජිතයින්ගේ විශේෂ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 175ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ වන විට අනුමත වැඩ යෝජනා 210ක් සඳහා රුපියල් මිලියන 71.195ක් අනුමත කර තිබේ.


    රුහුණු උදානය සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 92.15ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර මේ වන විට අනුමත වැඩ යෝජනා 226ක් සඳහා රුපියල් මිලියන 82.3ක් අනුමත කර තිබේ.

     

    විමධ්‍යගත සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 45ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ වන විට අනුමත වැඩ යෝජනා 51ක් සඳහා රුපියල් මිලියන 5.85ක් අනුමත කර තිබේ.


    ග්‍රාමීය පාසල් සනීපාරක්ෂක වැඩසටහන සඳහා රුපියල් මිලියන 42ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ වන විට අනුමත වැඩ යෝජනා 144ක් සඳහා රුපියල් මිලියන 32.89ක් අනුමත කර තිබේ.

     

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් තුළ ග්‍රාම නිලධාරී වසම් 650ක මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.


    බොහෝ ව්‍යාපෘති දැනට ක්‍රියාත්මක කරමින් පවතින අතර ඇතැම් ව්‍යාපෘති මේ වන විට වැඩ අවසන් කර තිබේ. කෙසේවෙතත් මේ වසරේ දෙසැම්බර් 31 දිනට පෙර වැඩ යෝජනා සියල්ල ක්‍රියාත්මක කර අවසන් කළ යුතු බව මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ එස්.ජී. විදුර ප්‍රසන්න මහතා පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya