මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැරදි කළ රියැදුරු, කොන්දොස්තරවරුන් 61කට ආකල්පමය වර්ධන පුහුණුව

    අගෝස්තු 14, 2014


    අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවාවන්හි නිරතව  ධාවන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින්  කටයුතු කළ බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් 61 දෙනෙකු අද (14)  දින ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ විශේෂ පුහුණුවක් සඳහා යොමු කරනු ලැබීය.


    මගී ප්‍රවාහනයේදී වැරදි කළ බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට දඬුවමක් ලෙස, මගී සේවා නිල හැඳුනුම්පත තාවකාලිකව අත්හිටුවා නැවත පුහුණු වැඩසටහන්වලට යොමු කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සාමාන්‍ය ලෙස මෙතෙක් සිදු කෙරුණු අතර එහිදී රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ කාර්යභාරය, වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

    එහෙත් මෙවර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතාගේ සංකල්පයක් මත  මෙම දඬුවම් පුහුණු වැඩමුළුව පවත්වනු ලැබුවේ බස් රථ රියැදුරු කොන්දොස්තරවරුන්ගේ ආකල්පමය වර්ධනය ඉලක්ක කරගනිමින් වීම විශේෂත්වයකි.
    ඒ අනුව වැඩමුළුවේ දේශන පැවත්වීම සඳහා මනෝ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශකවරුන්ගේ සම්පත් දායකත්වය ලබාගැනුණි.
     

    වැඩමුළුව සඳහා රියැදුරන් 20 දෙනෙක් සහ කොන්දොස්තරවරුන් 41 දෙනෙක් ද සහභාගී වූහ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya