අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිඕවිට දුෂ්කර මාර්ග 07ක සංවර්ධන කටයුතු ඇරඹේ

    අගෝස්තු 13, 2014
    කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම මැතිවරණ කොට්ඨාසය සේ සැලකෙන දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා කොට්ඨාසයේ තවත් අති දුෂ්කර මාර්ග 07ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ විය.
     
    දැරණියගල මැතිවරණ කොට්ඨාසය යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ අවම පහසුකම් සහිත මැතිවරණ කොට්ඨාසය සේ හැදින්වේ.
     
    එහි මෙම දුෂ්කර මාර්ග 07 සංවර්ධනය කිරීම සඳහා වැය වන රුපියල් ලක්ෂ 21ක මුදල කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා විසින් තම ප්‍රාදේශීය සභාවට ලබාදි ඇතැයි දෙහිඹ්විට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙවත්ත මහතා පවසයි.
     
    අටලුගම - උතුරු උමාරයා කන්ද, කනන්ගම වතුරහේන, මාහින්කන්ද අරක්ගල කන්දෙවත්ත, දෙහිඹ්විට පිටදෙනිය ඉරට්ටවත්ත, තලපිටිය, වෙලන්ගල්ල - දුම්බරකන්ද, මානියන්ගල ගලබලනකන්ද බටේහින්න යන එකී අතිදුෂ්කර මාර්ග 07 මෙලෙස සංවර්ධනය කෙරේ.
     
    මෙම අවස්ථාවට දෙහිඹ්විට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙවත්ත මහතා ඇතුළු ජනතා නියෝජිතවරු රැසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya