මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 මුල් මාස 04 බදු ආදායම මිලියන 19,703

    අගෝස්තු 10, 2014

    2014 වර්ෂයේ මුල් මාස 04 තුළ සංස්ථාපිත හා සංස්ථාපිත නොවන බදු ආදායම රුපියල් මිලියන 19,703දක්වා 9.2%කින් වර්ධනය වී ඇත.

    බැංකු, මූල්‍ය හා රක්ෂණ, ආහාර පාන, ආනයන හා අපනයන වෙළෙඳාම සහ නිෂ්පාදන අංශ මෙම වර්ධනය සඳහා දායක වී ඇත.

     

    2014 වර්ෂයේ මුල් මාස 04 තුළ උපයන විට ගෙවීමේ බදු ආදායම් 2013 වර්ෂයේ එම කාලපරාසය තුළ රුපියල් මිලියන 7439ක් ලෙස වාර්තා කර ඇත. සංචාරක, ඉදිකිරීම්, තොරතුරු තාක්ෂණ සහ වෘත්තීය සේවා වැනි ඉහළ ඉපැයුම් සහිත අංශවල සේවා නියුක්තිය වර්ධනය වීම මේ සඳහා දායක වී ඇත.


    වර්ෂයේ මුල් මාස කිහිපය තුළ දේශීය ණය සුරැකුම්පත් අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම සහ සාපේක්ෂව අඩු පොලී අනුපාත හේතුවෙන් පොලී මත බදු ආදායම රුපියල් මිලියන 26,959දක්වා 20%කින් අඩු වී ඇත. 2013 වසරේ මුල් මාස 4 තුළ රුපියල් මිලියන 3065ක් වු ආර්ථික සේවා ගාස්තු බදු ආදායම 2014 වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 2912ක් දක්වා 5.0%කින් අඩු වී ඇත.

    ආර්ථික සේවා ගාස්තු බද්ද සඳහා වු බදු නිදහස් සීමාව වැඩි කිරීමත්, ඕනෑම ව්‍යාපාරයක ආදායමෙන් ආදායම් බදු සඳහා යටත් වන ලාභය මෙම බද්දෙන් නිදහස් කිරීමත් සිදු වුව ද ආනයන සහ අපනයන, නිෂ්පාදන සහ ඉදිකිරීම් වැනි අංශවලින් ලද ආර්ථික සේවා ගාස්තු ආදායම වර්ධනය වී ඇත.

     

    මෙ සමඟ 2014 වර්ෂයේ මුල් මාස හතර තුළ සමස්ත ආදයම් බදු ආදායම, 2013 වසරේ එම කාලයේ වාර්තා කළ රුපියල් මිලියන 62,220ට සාපේක්ෂව රුපියල් මිලියන 57,013 දක්වා 8.4%කින් අඩු වී ඇත.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya