අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී-නෝර් ලාභය තව වැඩි කළොත් සේවකයින්ටත් කොටසක්

    අගෝස්තු 09, 2014

    සී-නෝර් පදනමට බෝට්ටු නිෂ්පාදන, දැල් නිෂ්පාදන, ආරක්‍ෂිත කබා නිෂ්පාදන ටෙන්ඩර් සියල්ලම ලබාදීමට කටයුතු කළ නිසා සී-නෝර් පදනමට විශාල ලාභයක් ලබාගැනීමට හැකිවුණ බවත් මෙම ලාභය තවතවත් වැඩි කළොත් සේවක ඔබටත් ඒකෙන් කොටසක් ලබාදෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා සී-නෝර් පදනමේ සේවක සේවිකාවන්ට 1998 සිට ගෙවීමට නියමිතව තිබූ හිඟ වැටුප් හා සියලුම දීමනා ගෙවා දැමීම සඳහා පැවති උත්සවයේදීය.


    සී-නෝර් පදනමේ සේවක සේවිකාවන් 120ක් සිටින අතර මුල් අදියරේදී සේවක සේවිකාවන් 60 දෙනෙකුට හිඟ වැටුප් හා දීමනා ගෙවනු ලැබීය. ඉතුරු සේවක සේවිකාවන්ට හා දැනට විශ‍්‍රාම ගොස් සිටින සේවක සේවිකාවන්ටද ඉදිරි සති කිහිපය තුළ හිඟ වැටුප් හා දීමනා සම්පූර්ණයෙන්ම ගෙවා දැමිමට කටයුතු යොදා තිබේ. මුල් අදියරේ දීමනා ගෙවීම සඳහා රු. ලක්‍ෂ 60ක් වැය කෙරුණි.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ පාඩු ලබමින් තිබු සී-නෝර් පදනම 2013 වසරේ සිට ලාභ ලැබීම ආරම්භ විය. මේ වන විට සී-නෝර් පදනම ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබේ.


    ලාභ ලැබිය හැකි පරිදි නවීන උපකරණ ලබා දීලා සී-නෝර් එක ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය වටපිටාව හදලා තියෙන්නේ. වෙරළාසන්න මුහුදේ අපේ මත්ස්‍ය නිෂ්පාදනය, අපේ ඉලක්කවලට වඩා හඹා ගිහිල්ලා. දැන් 106% අපේ වෙරළාසන්න මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය සිදු වෙනවා. එය අපේ ඉලක්කයට වඩා වැඩියි. ගැඹුරු මුහුදේ තියෙන්නේ 69% විතරයි. ජාත්‍යන්තර මුහුද ගත්තොත් ප‍්‍රතිශත කථා කරලා වැඩක් නැහැ. ලෝකයත් සමඟ අප ගමන් කළ යුතුයි. එසේ නො වූ විට කිසිම අනාගතයක් නැහැ.


    තායිලන්තයේ බිලියන 8ක් අවුරුද්දකට මාළු පිටරට යවනවා. ඩොලර් බිලියන 4ක් මාළු තායිලන්තයට ගේනවා. එතකොට ලාභය ඩොලර් බිලියන 2යි. මේවා ගැන සේවක සේවිකාවනුත් හොඳ අවබෝධයකින් ඉන්න. මේවා කඩාගෙන වැටුණොත් ඔබේ රස්සාවල් තමා කඩා වැටෙන්නේ. ඒවා දියුණු කළොත් ඔබේ අනාගතය දියුණුයි. ඔබ මේවා මතක තියාගෙන කවුරු ආවත් මෙහෙම වැඩ කළ යුතුයි කියන තැන ඉන්න. තම තමන් මේවා ආරක්‍ෂා කළ යුතුයි. ඔබේ අතේ තමයි මේ වැඩපිළිවෙළ තියෙන්නේ. මේ රාජ්‍ය ආයතන ආරක්‍ෂා කිරීමට, ලාභ ඉපයීමට ඔබත් අවංකව මහන්සි විය යුතුයි. මහන්සි වුණොත් තමයි මේවා ඉදිරියට ගෙන එන්න පුළුවන්. ඔබ මෙතෙක් කල් දුන් සහයට ස්තුතියි. ඔබට සුභ අනාගතයක් වේවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, සී-නෝර් පදනමේ සභාපති සරත් කුමාර ද සිල්වා, එහි කළමනාකාර අධ්‍යක්‍ෂ උජිත් අනුරාධ, සාමාන්‍යාධිකාරී නිලාන් මිරැන්ඩා, හිටපු සාමාන්‍යාධිකාරී බන්දුල අබේගුණවර්ධන, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් පේ‍්‍රමසිරි පෙරේරා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya