අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - කොටවිල කසල කළමනාකරණ මධ්‍යස්ථානයක්

    අගෝස්තු 09, 2014
    2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව මාතර - කොටවිල කසල කළමනාකරණ මධ්‍යස්ථාන භූමියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මුල්ගල් තැබීම පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු 11 වැනිදා පෙ.ව 10.15 යෙදෙන සුභ මොහොතින් මාතර - කොටවිල දී සිදුකෙරේ.
     
    මාතර මහ නගර සභාවේ ඉල්ලීම පරිදි මධ්‍යම පරිසර අධිකාරිය, මොරටුව විශ්වවිද්‍යාලය සහ බයෝග‍්‍රින් සයිකල් පුද්ගලික සමාගම යන ආයතන මූල්‍ය හා තාක්ෂණික දායකත්වය සපයයි.
     
    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, දැයට කිරුළ කමිටුවේ සභාපති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහත්වරුන් ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගිවීමට නියමිතය. 
     
    මාතර පුරපති සොසින්ද්‍ර හඳුන්ගේ මහතා ප‍්‍රමුඛ මාතර මහා නගර සභාව මෙය සංවිධානය කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya