අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා උපාධිධාරීන්ගේ රැකියා ප‍්‍රශ්නය විසඳුවා

    අගෝස්තු 08, 2014

    යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපාධිධාරීන්ගේ රැකියා ප‍්‍රශ්නය විසඳුව බවත් ඒ නිසා සැමටම රැකියා ලැබුණ බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    ඔබේ රැකියා ලබාදීම රජයේ ප‍්‍රතිපත්තියක් විය යුතුයි කියලා අපේ රජය හිතනවා. වෙන කිසිම රටක උපාධිධාරින්ට රජයේ රැකියා දෙන්නේ නැහැ. ඉන්දියාව වගේ නම් කොටසක් රැකියාවට යනවා. තව කොටසක් තම තමන්ගේ ස්වයංරැකියාවල නිරත වෙනවා. ඒ රටවල විශාල වශයෙන් උපාධි දෙන්නේ පුද්ගලික අංශයෙන්. නමුත් ඔවුන්ට සමහර වේලාවට උපාධියක් සල්ලිවලට අරන් නිකන් ගෙදරට වෙලා ඉන්න වෙන බවත් ඔවුන් සටන්පාඨ කියන්නේ නැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති බේරුවල උපාධිධාරී සංගමයේ නිලවරණයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.


    මෙහිදී බේරුවල ආසනයේ උපාධිධාරින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා හමුවී සිය ගැටලු ගැන සාකච්ඡා කරනු ලැබීය. මේ අවස්ථාවට රැකියාලාභී හා රැකියා විරහිත උපාධිධාරින් 100ක් පමණ සහභාගි වූහ.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. “2012 ඉවර වෙනකොට 2013 මාර්තු වෙනකන් සියලු උපාධිධාරීන්ට ලංකාවේ රැකියා ලැබුණා. ඔබත් අප සමඟ එක්වෙලා කටයුතු කරන්න. ඔබට මෙය රැකියා ලබාගැනීමට පමණක් නෙවෙයි රට හැදීම, රට ගොඩනැගීම, දරු පරපුරට හොඳ රටක් ගොඩනගාදීම ආදී සියල්ල සිදුවන්නේ දේශපාලනයෙන්. ඒ නිසා ඔබත් දේශපාලනයට සම්බන්ධ වෙන්න. ඔබටත් යුතුකමක් තියෙනවා මේ රට ගැන. සමහරු කියනවා අපිට ඔය දේශපාලනය වැදගත් නැහැ කියලා. මම කියන්නේ නැහැ ඔබට දේශපාලන පක්‍ෂවලට අනුගත වෙන්න කියලා. රට ගැන අලුත් යෝජනා කරන්න. ඔබ තමයි මේ රටේ උගත් පරපුර යැයි" අවධාරණය කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya