අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සැමන් ටින් නිෂ්පාදනය දිරිගැන්වීමෙන් අඩු ආදායම්ලාභීන්ට සහනයක්

    අගෝස්තු 08, 2014

    අපේ රටේ ඉහළ ධනවත් අයගේ මෙන් ම පහළ පන්තියේ අඩු ආදායම්ලාභීන්ගේ ජනප‍්‍රියතම ආහාරයක් වන සැමන් ටින් මාළු කල්තබා ගැනීමට ශීතකරණයක් අවශ්‍ය නොවන නිසාත් එය පහසුවෙන් සකස් කරගත හැකි ආහාරයක් හා ලොකු කුඩා කවුරුත් සැමන්වලට කැමති නිසාත් මෙරට දේශීය සැමන් ටින් නිෂ්පාදනය දිරිගැන්වීමට පියවර ගෙන තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    මේ අනුව පිටරටින් ගේන සැමන් ටින් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් නවතා දමා විදේශීය රටවල්වලට ඇදී යන අපගේ මුදල් ඉතුරු කර ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා පසුගියදා ටෙස් සමූහ ව්‍යාපාරයේ "ඔලිවර් ප‍්‍රයිඩ්" නමැති සැමන් මත්ස්‍ය නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.


    ටෙස් සමූහ ව්‍යාපාරය වසර 35කට අධික කාලයක් තිස්සේ මත්ස්‍ය අපනයනයේ යෙදෙන ආයතනයෙකි. මේ වන විට ඔවුන් බෙල්ජියම, ජර්මනිය, ජපානය, ඉතාලිය, එක්සත් ජනපදය ඇතුළු රාජ්‍යයන් රැසකටම ටූනා මසුන් අපනයනය කරන විශාලතම ව්‍යාපාරික ආයතනය වේ. එසේම ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම සැමන් කර්මාන්තශාලාව හිමිවන්නේද ටෙස් සමූහ ව්‍යාපාරයටයි. එය පෑලියගොඩ පිහිටා ඇති ටෙස් මැකරල් සැමන් කර්මාන්තශාලාවයි. ඔවුන් මේ වන විට සැමන් වර්ග ගණනාවක්ම නිෂ්පාදනය කරන අතර ඔවුන්ගේ නවතම නිෂ්පාදන "ඔලිවර් ප‍්‍රයිඩ්" නමින් වෙළෙඳපොළට හඳුන්වාදීම සිදුවිය. ටෙස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ඔලිවර් ප‍්‍රනාන්දු මහතාගේ නමින් මෙම නවතම නිෂ්පාදනය නම් කර තිබේ.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. “එදා මේ සැමන් කර්මාන්තශාලාව විවෘත කරන්න එනකොට ඔලිවර් මහතා හිටියා. අද ඔබ සැමන්වලට අමතරව තවත් නිෂ්පාදනයක් නිකුත් කරන කොට ඔබගේ පියා නැහැ. නමුත් ඔහුගේ නම ඉතිහාසගත කරන "ඔලිවර් ප‍්‍රයිඩ්" නවතම නිෂ්පාදනය අද වෙළෙඳපොළට නිකුත් කරනවා.


    ටෙස් සමූහ ව්‍යාපාරය ආශ‍්‍රිතව විශාල ඉතිහාසයක් තියෙනවා. ලංකාවේ ප‍්‍රධානතම මත්ස්‍ය අපනයනකරුවා ටෙස් සමූහ ව්‍යාපාරයයි. ඔබ අප රටට ගෙනෙන විදේශ විනිමය අතිවිශාලයි. මෙරටට සැමන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න උත්සහ කළේ 70 දශකයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. නමුත් එය ආරම්භ කරන්නට නොහැකි වුණා. අපේ රටේ ජනතාව දිනකට සැමන් ටින් 124,000ක් අනුභව කරනවා. ඒ සඳහා විශාල මුදලක් පිටරටට ඇදී යනවා. මේ නිසාම මම ලංකා ධීවර සංස්ථාවේ මෙහෙයවීමෙන්, හැපිකුක් ලංකා සමාගම සමඟ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ඇති කර ලංකාවේ ප‍්‍රථම සැමන් කර්මාන්ත ශාලාව ගාල්ලේ ආරම්භ කළා. එහි සී-ෆිෂ් සැමන් නිෂ්පාදනය කරනවා. එහි නිපදවන සැමන් ප‍්‍රමාණයත් මදි නිසා ටෙස් සමූහ ව්‍යාපාරය සමඟ එක්වුණා යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya