අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු අපනයන භෝග ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කෙරේ

    අගෝස්තු 08, 2014
    අපේ එළවළු අපේ ගෙවත්තෙන් යන තේමාව මුල් කර ගනිමින් දිවි නැගුම වැඩසටහනේ 6 වැනි අදියරට සමඟාමී ව සුළු අපනයන භෝග ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දින සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ සහ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්විණි.
     
    පැළ මිලියන 2ක ප්‍රමාණයක් ප්‍රතිලාභී පවුල් ඒකක ලක්ෂයකට පමණ බෙදාදීම මුලික කර ගනිමින් ක්ෂේත්‍ර නිලධාරීන් වෙත පැවරී ඇති කාර්යභාරය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුවත් කිරීමත්, ප්‍රතිලාභීන් සඳහා පැළ සිටුවීම, නඩත්තු කිරීම හා ඒ ආශ්‍රිත  තාක්ෂණික ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධය ලබාදීමත් මෙම වැඩසටහනේ මුලික අරමුණකි.
     
    ලංකාව පුරා විසිරී සිටින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරු, ව්‍යාපෘති නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා කජු සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුවන්, කජු සංවර්ධන නිලධාරීන් ඇතුළු 300කට අධික පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya