අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සම්මන්ත‍්‍රණය හා ප‍්‍රදර්ශනය - 2014

    අගෝස්තු 08, 2014

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ශී‍්‍ර ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාව විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සම්මන්ත‍්‍රණය අගෝස්තු 11 හා 12 යන දිනයන්හි කොළඹ 07, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.


    මේ සඳහා සාර්ක් රටවල් ඇතුළු වෙනත් රටවල් රැසක විවිධ කෘෂිකාර්මික පර්යේෂණ ආයතන 200ක පමණ දෙස් විදෙස් පර්යේෂකයන් 200 දෙනෙකු පමණ සහභාගී වන ශාස්තී‍්‍රය සම්මන්ත‍්‍රණයක් පැවැත්වේ. සංවර්ධිත රටවල් රැසක සහයෝගය ලබා ගනිමින් විද්‍යාත්මක දැනුම සහ දක්ෂතා හුවමාරුව තුළින් කෘෂිකාර්මික ගැටලු විසඳා ගැනීමට හැකි ක‍්‍රමෝපායන් පිළිබඳව මෙහි දී සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය.

     

    මෙම ශාස්තී‍්‍රය සම්මන්ත‍්‍රණයේ සමාරම්භක උත්සවය අගෝස්තු 11 දින පෙ.ව.9.00ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

     

    මෙම ශාස්තී‍්‍රය සම්මන්ත‍්‍රණයට සමගාමීව කෘෂිකාර්මික වෙළෙඳ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වේ. මෙහිදී කෘෂිකාර්මික භාණ්ඩ, විසිතුරු මල්, පොහොර වර්ග, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, කෘෂිකාර්මික උපදෙස් හා පර්යේෂණ ප‍්‍රකාශන මිල දී ගැනීමට මහජනතාවට ඉඩප‍්‍රස්ථාව ලැබේ.

    මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya