අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර මුඛ පිළිකා සම්මන්ත්‍රණය අද

    අගෝස්තු 08, 2014

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර මුඛ පිළිකා සම්මන්ත්‍රණය අද (08) මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේදී (Earl's Regency Hotel)දී ආරම්භ විය.


    මුඛ පිළිකා රෝගය ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශවය අතර දක්නට ලැබෙන සුලභ රෝගයකි. දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ මෙම රෝගය පැතිරීමට හා මෙම රෝගයෙන් මරණයට පත්වීමට දුම් නැති දුම්කොළ හා පුවක් සමඟ බුලත් විට සැපීම හේතූ‍ වන බව විශේෂඥයෝ පවසති.

     

    මෙම මුඛ පිළිකා රෝගය පිළිබඳ විද්‍යාත්මක දැනුම කලාපය තුළ හා ලෝකය පුරා බෙදාහැරීම හා මෙම රෝගය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අවස්ථා උදා කරදීම මෙම සම්මන්ත්‍රණයේ මූලික අරමුණු වේ.

     

    මුඛ පිළිකා පාලනය කරන්නට උත්සහ දරන වෛද්‍ය විශේෂඥයන් හා සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් හා එක්ව මෙම සම්මන්ත්‍රණයේදී මෙම රෝගයට හේතු කාරක වන දුම් නැති දුම්කොළ හා පුවක් සමඟ බුලත් විට සැපීම පිළිබඳ නීතිමය වශයෙන් කිසියම් ප්‍රතිපත්තියක් ගෙන ඒමට සැලසුම් කරයි. ඒ තුළින් මෙම රෝගය මර්දනය කිරීමට ඔවුන් අපේක්ෂා කරති.

     

    සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික පිළිකා පාලන වැඩසටහන අනුග්‍රහයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දන්ත විද්‍යා පීඨයේ මුඛ පිළිකා පරීක්ෂණ මධ්‍යස්ථානය විසින් මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.

     

    මෙම ජාත්‍යන්තර මුඛ පිළිකා සම්මන්ත්‍රණය අද (08) හා හෙට (09) දින දෙකේදීම පැවැත් වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya