අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමටගොඩ සිරිධම්ම මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    අගෝස්තු 09, 2014
    රුපියල් මිලියන 13.5ක වියදමින් වසර 27කට පසු මුළුමනින් ම පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද දෙමටගොඩ, සිරිධම්ම මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතය.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජන සෙවණ ” නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “නගමු පුරවර ” මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසිනි.
     
    නිවාස 72කින් සමන්විත සිරිධම්ම මාවත මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදුකරනු ලැබ තිබේ. 
     
    ඒ යටතේ නිවාස සංකීර්ණයේ වහල අලුත්වැඩියා කිරීම, වඩිම්බු ලෑලි සවිකර වැහි පීලි යෙදීම, ගොඩනැගිල්ලේ ජල නළ කාන්දුවීම් අලුත්වැඩියා කිරීම, නිවාස සංකීර්ණයේ පියගැටපෙළ හා පිවිසුම් මාර්ග අලුත්වැඩියා කිරීම, නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි අලුත්වැඩියා කර වර්ණ ආලේප කිරීම හා ප්‍රජා ශාලාව, බුදු මැඳුර හා පොදු ජල ටැංකි අලුත්වැඩියා කර වර්ණ ආලේප කිරීම හා නිවාස සංකීර්ණයේ පොදු භූමි ප්‍රදේශ හා උද්‍යාන අලංකරණය කිරීම ආදී ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර ඇත.
     
    මෙම උත්සව අවස්ථා දෙක සඳහා නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, කොළඹ දිස්ත්‍රික් නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා යන මහත්වරුන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, ආයතන ප්‍රධානීන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya