අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමේ කමිටු රැස්වීම 12දා

    අගෝස්තු 09, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ පරිසර සංරක්ෂණය, විවිධ පරිසර ගැටලු හා පරිසර නීති ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන අගෝස්තු මාසයේ මාතර දිස්ත‍්‍රික් පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමේ කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ලබන 12 වැනි දා පෙ. ව. 11. 45ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    පරිසර නීති ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීම, මාතර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු අවදානම පිළිබඳව සාකච්ඡා කිරීම, වන සුරැකුම් කමිටු පිළිබඳ ව සාකච්ඡා කිරීම සහ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලින් ඉදිරිපත්වන ගැටලු ආදිය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
     
    මේ අවස්ථාවට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි සියලුම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු පරිසර ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සහ පරිසර සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත බව පරිසර නිලධාරි නුවන් ජයවර්ධන මහතා පැවසීය.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය පරිසර අංශය රැස්වීම සංවිධානය කරයි.
     
    DB/TI - dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya