අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝන් වීදිය මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    අගෝස්තු 08, 2014
    වසර 31කට පසු රුපියල් ලක්ෂ 30කට අධික වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12, පරණ යෝන් වීදිය (ඔල්මෝ ස්ට්‍රීට්) මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය  විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) පස්වරු 2.30ට ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ජනසෙවණ ජාතික  නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව නගමු පුරවර වැඩසටහන යටතේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබ තිබේ. 
     
    නිවාස 16කින්  සමන්විත මෙම නිවාස ව්‍යාපෘතිය දැඩි ලෙස ජරාජීර්ණ වී තිබිණ. මෙහි වහල අලුත්වැඩියාව, වැහි පීලි යෙදීම, අප ජල බස්නා මාර්ග අලුත්වැඩියාව, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර වර්ණ ආලේප කිරීම, මළ නළ පද්ධතිය ප්‍රතිසංස්කරණය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි අලුත්වැඩියා කටයුතු රාශියක් සිදුකර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya