අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්වෝද්‍යාන සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

    අගෝස්තු 08, 2014
    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් එක කණ්ඩායමක් ලෙස සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු යැයි උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පවසයි.
     
    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සහ සත්වෝද්‍යාන සේවකයන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳව අදහස් හා යෝජනා සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.
     
    සත්වෝද්‍යාන සේවකයන් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳ ව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් සහනයක් සලසා දෙන බවට පොරොන්දු විය.
     
    සාකච්ඡාවේදී අඳහස් දැක්වූ අමාත්‍ය ජයරත්න හේරත් මහතා, දෙහිවල සත්වෝද්‍යානය රටට ආදායමක් ලබාදෙන ජාතික ආයතනයක්. අපි එක කණ්ඩායමක් ලෙස එකතු වී ආයතනයේ දියුණුවට කටයුතු කළ යුතුයි. 
     
    නිවැරදි ගමනකට සූදානම් විය යුතුයි. පෞද්ගලික න්‍යාය පත්‍රවල ඉන්න එපා. සත්වෝද්‍යානය සංචාරක කර්මාන්තයට ඍජු දායකත්වයක් ලබාදෙනවා. දෙහිවල සත්වෝද්‍යානය  නව වැඩපිළිවෙළක් යටතේ සංවර්ධනය කරනවා. ඕනෑම ගැටලුවක් මා සමඟ සාකච්ඡා කරන්න. ගැටලු තිබෙනවා නම් මා හමුවන්න. අපිට සඟවන්නට කිසිම දෙයක් නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    දෙහිවල සත්වෝද්‍යානයේ අභිවෘද්ධිය සහ සේවක සුරක්ෂිතතාව වෙනුවෙන් අමාත්‍යවරයාගේ මැදිහත්වීම අගය කරන බව පැවසූ සත්වෝද්‍යාන නිලධාරීහු සත්වෝද්‍යානයේ දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට පොරොන්දු වූහ.
     
    දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි 
    අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර  සත්වෝද්‍යානයේ දියුණුවට තමන් සතු අදහස් සහ යෝජනා 
     අමාත්‍යවරයා වෙත ලබා දෙන්නැයි නිලධාරීන්ට පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya