අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට කිරුළින් දකුණේ මගී ප්‍රවාහන යටිතල පහසුකම් දියුණු කෙරේ

    අගෝස්තු 09, 2014
    2015 දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයට සමඟාමී ව දකුණු පළාත තුළ මගී ප්‍රවාහන යටිතල පහසුකම් දියුණු කිරීමට සැලසුම් කොට ඇත.
     
    ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් බස් නැවතුම්පොළ 04ක් ඉදිකිරීමට නියමිතය. මේ සඳහා රුපියල් මිලියන 85ක මුදලක් වැය කෙරේ.
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව බස් නැවතුම්පොළ රුපියල් මිලියන 10ක වියදමින් ද, මාතර දිස්ත්‍රික්කයේ පුහුල්වැල්ල බස් නැවතුම්පොළ රුපියල් මිලියන 15ක වියදමින් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොළ රුපියල් මිලියන 20ක වියදමින් ද, වලස්මුල්ල බස් නැවතුම්පොළ රුපියල් මිලියන 40ක වියදමින් ද ඉදිකෙරේ.
     
    මේ මඟින් අදාළ ගමනාන්ත සඳහා මගී පෝලිම් සහ බස්රථ නැවැත්වීමේ ඉඩ පහසුකම්, විදුලිබල පහසුකම්, පිටාර බස් රථ නැවැත්වීමේ පහසුකම්, නියාමනය සඳහා කාර්යාල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් හා රියැදුරු කොන්දොස්තර විවේකාගාර පහසුකම් සැලසෙනු ඇත.
     
    2014 වසරේ කුලියාපිටිය දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමඟාමී ව වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර අලුතින් බස් නැවතුම්පොළ 02ක් ඉදිකරන ලදී.
     
    2013 වසරේ අම්පාර පැවැති දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමඟාමීව නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම හා තිරුක්කෝවිල් බස් නැවතුම්පොළවල් දෙක ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ බස් නැවතුම්පොළ ද ඉදිකර ජනතා අයිතියට පත්කරන ලදී.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya