මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවියට සරණක් ප්‍රජා සත්කාරක වැඩසටහන 9 සහ 10

    අගෝස්තු 02, 2014


    දිවියට සරණක් පදනමේ 14 වන  වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහන මේ මස 9 සහ 10 යන දිනයන්හි හිඹුටාන අංගොඩදී පැවැත්වේ.


    මෙම සමාජ සත්කාරක වැඩසටහ මේ මස 09 රාත්‍රි ජාතික හෙළ උරුමය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන  හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවෙන් ආරම්භ වේ.

    රටට සාමය උදා වුවා සේම රටට සෞභාග්‍යය උදාවේවා සමාජය යහ ගුණ දහමින් පිරී යත්වා  යන්න මෙවර පිංකමේ ප්‍රාර්ථනය බව දිවියට සරණක් පදනමේ නිර්මාතෘ වෛද්‍යචාර්ය කැලුම් වීරසිංහ මහතා පවසයි.
     

    සමාජ සත්කාරක වැඩසටහනෙහි දෙවන දින එනම් 10දා මරණයට කැප වූ ගවයින්ට අභය දානය ලබා දීම, දහම් පාසල් සඳහා අධ්‍යපනික උපකරණ ලබා දීම සහ නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීම, අඩු ආදායම්ලාභීන් සඳහා වියළි ආහාර පාර්සල් ලබාදීම, කුඩා දරුවන් සඳහා දේවදානය පිරිනැමීම ඇතුළු කටයුතු සිදුකෙරේ.


    මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත නාහිමි, සිතුල්පව්ව රජමහා විහාරාධිපති ආචාර්ය මැටරඹ හේමරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නයද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya