අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර මැදඔයාමඩුව වැව සංවර්ධන කටයුතු ඇරඹේ

    අගෝස්තු 05, 2019

    අනුරාධපුර මැදඔයාමඩුව වැව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා හානිවූවන් සඳහා වන්දි මුදල් ලබාදීම, අනුරාධපුර - මල්වතු ඔය පාලම සඳහා මුල්ගල තැබීම ඇතුළු වැඩසටහන් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 02 වැනිදා අනුරාධපුරයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවන්ට උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි, උතුරු - නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමි ඇතුළු මහා සංඝ රත්නය, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, යන මහත්වරු ප්‍රධාන දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya