මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගිකයින්ට සහන සැලසීමට රජයෙන් ''ශක්ති සහල්''

    ජූලි 30, 2019

    ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශයේ වැඩපිළිවෙලක් අනුව කුඩා සහ මාධ්‍ය පරිමාණ සහල් මෝල් මගින් නිපදවනු ලබන උසස් ප්‍රමිතියෙන් යුත් සහල් ''ශක්ති සහල්'' නමින් දැන් වෙළද පොලට නිකුත් කොට තිබේ.

    මේ අනුව, නාඩු සහ සම්බා වර්ග වල සහල් කිලෝ 05 සහ 10 බෑග් වශයෙන් නිපදවන අතර ඒවා ලක්සතොස, සමූපකාර සමිති හා සුපිරි වෙළඳ සැල් වලින් මිල දී ගත හැක.

    නාඩු කිලෝ 05 බෑගයක් රුපියල් 400 බැගින්ද, සම්බා කිලෝ 05 බෑගයක් රුපියල් 425 බැගින් ද අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් පිළිබඳ කබිනට් නොවන ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවතී මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

    පසුගිය කාලයේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් විශාල සංඛ්‍යාවක් වැසි ගොස් තිබු අතර ඒවායේ අයිතිකරුවන්ට බැංකු ණය ගෙවීමටවත් නොහැකි තත්ත්වයක් තිබූ බව පැවසු ඇමතිවරයා ඉකුත් අයවැයෙන් ඔවුන්ට සහන සැළසීම
    සඳහා රුපියල් බිලියනයක මුදලක් වෙන් කල බවත් කීය. ඒ අනුව ඔවුන් ගොවීන්ගෙන් වී මිල දී ගෙන මෙම ''ශක්ති සහල්'' නිපදවයි. මෙම ''ශක්ති සහල්'' බෑග් වල කිව්.ආර් (QRර්‍) නම් බාර්කෝඩ් එකක් ඇත. සහල් බෑගයක් ඇති එම කිව්.ආර් ලාංඡනය ජංගම දුරකතනයට යොමු කළ විට එම සහල් නිෂ්පාදකයා, සහල් වර්ගය, එහි ප්‍රමිතිය, නිපදවූ දිනය ආදිය පිලිබඳ විස්තර බලාගත හැකි බවද අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් කීය.

    මෙම ශක්ති සහල් සඳහා වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තිබේ. එහෙත් දැනට සැපයිය හැක්කේ අවශ්‍ය ප්‍රමිතියෙන් 1% ටත් අඩු ප්‍රමාණයකි. ඉදිරියේ දී මෙය 10% දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමේ දී වී වල තෙතමනය 14% ට වැඩි වීම නිසා රජය මඟින් සහතික කොට ඇති මිල ගණන් ගොවීන්ට ලබාගත නොහැකි වී තිබේ. මෙයට පිළියමක් ලෙස වී වේලන යන්ත්‍ර 10ක් සමූපකාර හරහා ගොවීන්ගේ වී වේලා ගැනීම සඳහා ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya