මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක හෝටල් කොටස් මිල ඉහළට

    ජූලි 30, 2014
    ශ්‍රි ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණයේ වර්ධනය සමඟම සංචාරක හෝටල්වල කොටස් මිල ද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත.
     
    පසුගිය සතියේ අග භාගය වන විට රුපියල් 10ක නාමික අගයෙන් යුත් හොටෙල් නුවරඑළිය කොටසක මිල රුපියල් 1576.80 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එසේම ට්‍රාන්ස් ඒෂියා කොටසක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබුණි. ටැන්ජරින් කොටසක මිල රුපියල් 80.00 ක් දක්වාත්, ටාජ් සමුද්‍ර හෝටලයේ කොටසක් රුපියල් 34.00 ක් දක්වා ද ඉහළ ගොස් ඇත. 
     
    ඩොල්පින් හෝටලයේ කොටසක මිල රුපියල් 49.00ක් දක්වාත් සීගිරිය හෝටලයේ කොටසක මිල රුපියල් 80.00 දක්වාත් ඉහළ ගොස් තිබුණි. දිවයින පුරා පිහිටි සියලු සංචාරක හෝටල්වල කොටස් මිල මේ අයුරින් ඉහළ යාමට ප්‍රධානම හේතුව සංචාරකයන්ගේ පැමිණීමත් ඔවුන් වැඩි දින ප්‍රමාණයක් හෝටල්වල නවාතැන් ගැනීමත් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
     
    DB/med

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya