මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ දීමනාව රු. 5000ට වැඩි කිරීමට ජනපති අවධානය

    ජූලි 28, 2014

    එළඹෙන අය-වැය යෝජනාවල දී මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීම පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇති බව සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පැවසීය. 


    ඉදිරි අය-වැය යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විවිධ ක්ෂේත්‍ර පිළිබඳ එම ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයන් සමඟ කළ සාකච්ඡාවලදී මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මධ්‍යම පළාතෙන් සරසවි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ සාමාජිකයන්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා පසුගියදා පැවැත්වූ වි‍ශේෂ උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

    මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වැඩි කිරීමට සමාන්තරව රජය සහ වෙනත් ආයතන විසින් ලබා දෙන ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර මුදල්ද වැඩි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය උසස් අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථීන් වෙනුවෙන් තවත් වැඩසටහන් රැසක්ද සංවිධානය කර ඇති බව පැවසීය. එම නිසා අනවශ්‍ය දේශපාලන පෙළඹවීම්වලට හසු නො වී තම ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේම වගකීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    රජයේ සෑම ක්ෂේත්‍රයකම පුද්ගලයන් රජයෙන් විවිධ ඉල්ලීම් ඉල්ලන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සෑම ඉල්ලීමක්ම ලබා දීමේදී වඩාත් සැලකිල්ලෙන් ඒවා ලබා දිය යුතු බව පෙන්වා දෙන ලදී. මන්ද එක් ක‍්ෂේත්‍රයක් වෙනුවෙන් ඉල්ලීම් ලබා දෙන විට තවත් ක්ෂේත්‍රවලට ඒ තුළින් අසාධාරණයක් නොවිය යුතු බැවිනි. එබැවින් වගකිව යුතු රජයක් ලෙස සෑම ඉල්ලීමක්ම ලබා දීමට වඩා අත්‍යාවශ්‍ය සහ වඩාත් නිවැරදි ඉල්ලීම් පමණක් වගකීමෙන් යුතුව ලබා දිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.

    මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී මධ්‍යම පළාතෙන් සරසවි වරම් ලැබූ සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ සාමාජිකයන්ගේ දරු දැ‍රියන් 200කට ආසන්න පිරිසක් ශිෂ්‍යත්ව ලබා ගන්නා ලදී. මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීහු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya