අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල,නාගොඩ ප්‍රාදේශීය ලෙක්ම් කෙට්ඨාශයේ ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල

    සැප්තැම්බර් 12, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලෙක්ම් කෙට්ඨාශයේ ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල  (11) දින දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විනි.

    සාහිත්‍ය උත්සවය පැවතියේ උඩුගම මහා විද්‍යෙලයේ පැවති අතර, අන්තර් පාසල් සාහිත්‍ය තරඟාවලියෙන් ජයග්‍රහණය කරනු ලැබු පාසල් දු දරුවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරිමද සිදු විය. මෙහිදි අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා “එක බොත්තමකින් එකෙන් විශ්ව දැනුම ලබා ගැනිමේ හැකියාව වත්මන් පරපුරට තියෙනවා.නවින තාක්ෂණය දැනුම අවශ්‍යයි. ඉන් මිදිල නව පරපුරට ජිවත් වෙන්න බැහැ. එයට සමගාමිව කලාව සාහිත්‍ය නිර්මාණ ශිලිත්වය දියුණු කර ගන්න උවමනයි. නව තාක්ෂණයෙන් විශ්ව දැනුම ලගා කර ගන්න පහසුවෙලා. පොත පත කියවන පරිශිලනය කරන සාහිත්‍යකාමි පරපුරක් උවමනයි“

    මෙහිදි පාසල් දු දරුවන් විසින්  ප්‍රාසාංගික වැඩසටහන් කිහිපයක්ද ඉදිරිපත් කළ අතර, පාසල් දරු දැරියන් රැසක් දෙමව්පියන් සහ පළාත් සභා මන්ත්‍රි සුනිල් සේනානයක මහතා ඇතුළු මහජන නියෝජිතයින් 

    පිරිසක්ද එකව සිටියහ. මෙම අවස්ථාවට උඩුගම මහා විද්‍යෙලයේ විදුහල්පති, එස් එල් ඩි ද සිල්වා මහතා, නාගොඩ ප්‍රාදේශීය ලේකම් සි පි රාජකරුණා මහත්මිය ඇතුළු නිලධාරී පිරිසක්ද එක්ව සිටියහ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya