අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ සමූපකාර වැටුප් ඉහළට

    අගෝස්තු 10, 2018
    සබරගමුව පළාතේ සියලු සමූපකාර සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පළාත් සමූපකාර බලධාරීන්ට පසුගියදා උපදෙස් දී ඇත.
     
    එම මහත්මිය මෙලෙස උපදෙස් දෙනු ලැබුවේ කෑගල්ල තැපැල් ශ්‍රවනාගාරයේ පැවති 96 වන ජාත්‍යන්තර සමූපකාර දින කෑගල්ල දිස්ත්‍රික් සැමරුම් උලෙලට එක් වෙමිනි.
     
    ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් සබරගමුව පළාතේ සමූපකාර සේවකයින් වෙත ද ලබාදිය යුතු බවත් සබරගමුව පළාත් සමූපකාර සේවකයින් 2350 පමණ මේ වන විට සේවය කරති.
     
    මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ශ්‍රියානි පද්මලතා, ආණ්ඩුකාර ලේකම් රුක්මණී ආරියරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර සහ පළාත් සමූපකාර කොමසාරිස් බී.එම්.පී.එන්. බෙලිගම්මන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya