අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල "සියපතගම" උදාගම්මානය ජනතා අයිතියට

    අගෝස්තු 10, 2018
    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 104වන උදා ගම්මානය වන ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන පිලාන කැරැන්කැටිය "සියපතගම"  අද (09) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
     
     මෙහි මුළු නිවාස ගණන 25කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
     
    "සියපතගම"  ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 4කි. සෑම නිවසකටම පර්චස් 10බැගින් වූ බිම් කොටස් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya