මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ව්‍යාපෘති 3619කට මිලියන 1879ක්

    ජූලි 20, 2014
    ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 3619ක් සඳහා රුපියල් මිලියන 1879.48ක මුදලක් ඇස්තමේන්තු කර ඇත.
     
    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ගමකට එක් වැඩක් වැඩසටහන යටතේ ව්‍යාපෘති 1349ක් ද, ගම නැගුම වැඩසටහන යටතේ ව්‍යාපෘති 568ක් ද, විමධ්‍යගත අයවැය මගින් ව්‍යාපෘති 483, පළාත් නැගුම යටතේ ව්‍යාපෘති 571ක් හා 279ක් වු පාසල් සංවර්ධන ව්‍යාපෘති මෙන්ම විශේෂ ව්‍යාපෘති ලෙස වැඩසටහන් 324ක් අනුමත ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කෙරේ.
     
    දිවි නැගුම දෙපාර්තමේන්තුව මගින් ගාල්ල දිස්ත්‍රික්කයට රුපියල් බිලියන 200ක් ලබාදීමට කටයුතු යොදා ඇති අතර එයින් රුපියල් බිලියන 100ක ප්‍රතිපාදන තවලම, කරන්දෙනිය, නෙළුව, නියාගම, ඇල්පිටිය යන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවල කෘෂි, සත්ත්ව, අලෙවි හා සේවා යන අංශවල ප්‍රගතිය සඳහා යොදවා ඇත.
     
    මෙම තොරතුරු අනාවරණය වුයේ පසුගිය දින පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.
     
    DB-dmu galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya