මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙයියන්තුඩුව ක‍්‍රීඩා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය විවෘත වේ

    ජූලි 20, 2014
    ජාතික තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව ක‍්‍රීඩා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
     
    රුපියල් මිලියන සියයක වියදමින් ඉදිකරන ලද මෙම පුහුණු මධ්‍යස්ථානය තුළ වොලිබෝල් (එළිමහන්/ගෘහස්ත) කබඩි, නෙට් බෝල් සහ බීච් වොලි බෝල් යන ක‍්‍රීඩාවන් පුහුණුවීම සඳහා ක‍්‍රීඩාගාර ස්ථාපිත කර තිබේ. එයට සහභාගී වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් නේවාසිකාගාර (පිරිමි/කාන්තා) හා අනෙකුත් යටිතල පහසුකම් සියල්ලම මෙම මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කර ඇත. 
     
    වසර ගණනාවක් පුරා ජාතික තරුණ සේවා සභාව යටතේ පවතින හෙයියන්තුඩුව මධ්‍යස්ථානය; තරුණ සේවා සභාව සතු විශාල භූමි ප‍්‍රමාණයක් සහිත මධ්‍යස්ථාන කිහිපය අතුරින් එකකි. මීට මාස කීපයකට පමණ පෙර යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාට ලබාදෙන ලද උපදෙස්වලට අනුව මෙම මධ්‍යස්ථානය ගොඩනංවා තිබේ.
     
    බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරුන් ඇතුළු පිරිස මෙම මධ්‍යස්ථානයේ සියලු අංශ නිරීක්ෂණය කළ අතර එම අවස්ථාව අනාගතයේ ජනතාව වෙනුවෙන් සටහන් කර තබනු වස් නා පැළයක් රෝපණය කිරීම සහ සමරු ඵලකයක් විවෘත කිරීමද සිදුකරන ලදී. 
     
    ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, ගම්පහ මහ දිසාපති ජේ.ජේ. රත්නසිරි මහත්වරුන් ද කී‍්‍රඩක, කී‍්‍රඩිකාවන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     
    IMG 0109
     
     
    IMG 0165
     
    IMG 0291

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya