ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ ද සහාය ඇතිව සකස්කොට ඇති මෙම සිතියමට ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14018 ම ඇතුළත් වේ.
මෙම සිතියම දෙපාර්තමේන්තුවේ www.survey.gov.lk වෙබ් අඩවියට ද ඇතුළත්කොට ඇති අතර ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ මායිම්, ගම් සහ පාරවල් ආදිය එයින් බලාගත හැකි බව මැණුම්පති පී.ඇම්.පී. උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ග්‍රාම නිලධාරී කොට්ඨාශ සකස් කිරීමේ කටයුතු පසුගිය වසරේ ජුනි මාසයේ දී ආරම්භ කළ අතර 2018 ජනවාරි මස මුල් භාගයේ එය නිම කළහැකි වූ බව ද ඒ මහතා කීය.