මෙහි දෙවන මධ්‍යස්ථානය ගාල්ල කරාපිටිය නව මාතෘ රෝහලෙහි ස්ථාපනය කිරීමට මෙන් ම තුන්වන අදියර යටතේ අනෙකුත් සෑම පළාතකම එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපනය කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
ඒ අනුව කෘත්‍රිම සංසේචනය (IVF) සහ ඩිම්බ/ කළල අධිශීත කිරීම වැනි නවීන ප්‍රතිකාර ක්‍රමද සැලසීමට හැකි පරිදි මෙම මධ්‍යස්ථාන ඉදිවනු ඇත.
ශ්‍රී ලංකාවේ අඹුසැමි යුවළ අතරින් 15%කට වැඩි පිරිසක් මුහුණ දෙන ගැටලුවක් බවට 'මඳසරුභාවය' හෙවත් 'ගර්භිණීභාවය උදා කරගැනීමට අපොහොසත් වීම පවතින බව හඳුනාගනු ලැබ තිබේ.